බිසෝඇල්ලෙන් වැටී තරුණයෙක් මරුට

බිසෝඇල්ලෙන් වැටී තරුණයෙක් මරුට

March 17, 2025   01:57 pm

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

මරණකරු තවත් තරුණයෙන් සිව්දෙනෙකු සමග 15 වනදා රාත්‍රියේ සැලගම වතු යායේ හුළංගල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත.

ඉන් පසු ඊයේ (16) උදෑසන 7:00 පමණ මෙම පිරිස එම ස්ථානයෙන් පහළට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී මරණකරු එකවර දුවන්නට පටන් ගෙන ඇති අතර එවිට ‍පහළ කැළෑ ප්‍රදේශයකට වැටී ඇති බව වාර්තා වෙයි.

මියගිය තරුණයාගේ ශරිරයේ කොටස් කැළෑ ප්‍රදේශයේ විසිර තිබු බව ගම්වාසීන් පැවසීය.

සිද්ධිය සම්බන්ධව මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.