හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව මාර්තු 20 වනදා සිට
March 17, 2025 10:33 am
අඩු ආදායම්ලභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට රජය තීරණය කර තිබේ.
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදුකරන බවය.
අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව සුබසධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ස්ලිප් ක්‍රමය මඟින් ඍජුවම අස්වැසුම් ගිණුම්වලටම ගිණුම් ගත කිරීමට නියමිතය.
ඒ අනුව මෙතෙක් දීමනාව ලබමින් සිටි අස්වැසුම නොලබන පවුල්හි වැඩිහිටියන්ට පමණක් තැපැල්, උප තැපැල් කාර්යාල මගින් හිඟ දීමනා ද සහිතව මාර්තු මස 20 දින සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.
මෙමඟින් දුෂ්කර ප්‍රදේශයන්හි ප්‍රතිලාභීන්ට අපහසුතාවයකින් තොරව මුදල් ලබා ගැනීමට හැකි බවද ඒ මහතා වැඩිදුටත් පවසා ඇත.