2024 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
March 17, 2025 06:48 am
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය.
දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව සඳහන්ය.
විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් විභාග ශාලාවට රැගෙන යා යුතු දේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළේය.
"ප්‍රවේශපත්‍රය හා හැඳුනුම්පත මේ වනවිට සූදානම් කරගෙන විභාගයට රැගෙන යන්න. විභාගයට පෙනී සිටින සෑම පත්‍රයකම අනන්‍යතා පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා. ප්‍රවේශපත්‍රය පළමු දිනයේ දී ශාලාවෙන් භාරගන්නවා. ඒක නැවත ඔබ අතට පත්වෙන්නේ නෑ. ඊට අමතරව ඔබට විභාග මධ්‍යස්ථානය වෙත විභාගය ලිවීමට අවශ්‍ය පෑන්, පැන්සල් ද්‍රව්‍ය රැගෙන යන්නට පුළුවන්. වෙන කිසිදු දෙයක් ඔබට රැගෙන යන්නට බැහැ. අවශ්‍ය නම් කෙනෙකුට වතුර බෝතලයක් රැගෙන යන්න පුළුවන්. විශේෂයෙන් මතක කරන්න විභාගයට ගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් කරපු දේවල් තියෙනවා. ජංගම දුරකථන, ස්මාට් අත්ඔරලෝසු කිසිම දෙයක් රැගෙන යන්න එපා."
විභාගය සඳහා කල්වේලා ඇතිව විභාග ශාලාවට පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.