උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

March 16, 2025   10:36 pm

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 59ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 155 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධය පවසයි.

ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වේ.

සංගීත ප්‍රසංගය එරට ජනප්‍රිය හිප්-හොප් ගායකයින් වන DNK විසින් පවත්වන ලද්දක් බව වාර්තා වේ.

ප්‍රසංගය අතරතුර දැල්වූ ගිනිකෙළි මෙම අනතුරට හේතුවන්නට ඇතැයි බලධාරින් සැකපළ කරයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ.

එරට අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙය රටට තරුණ ජීවිත රාශියක් අහිමි වූ "දුෂ්කර සහ ඉතා කණගාටුදායක දිනයක්" ලෙසයි.