ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

March 16, 2025   09:33 pm

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නම් නෞකාව නිල සංචාරයක් සඳහා අද (16) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබේ.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ DESTROYER වර්ගයට අයත් මෙම නෞකාව දිගින් මීටර් 142.20කි.

එමෙන්ම කාර්ය මණ්ඩලය (නැව් මුළුව) 160කගෙන් සමත්විතය.

‘PROVENCE’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ ප්‍රධාන රැසක් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතය.

නිල සංචාරය අවසන් කරමින් නෞකාව එළැඹෙන 20වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.