උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 51ක් මරුට

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 51ක් මරුට

March 16, 2025   05:24 pm

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 51 දෙනෙක් මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වේ.

ප්‍රසංගය අතරතුර දැල්වූ ගිනිකෙළි මෙම අනතුරට හේතුවන්නට ඇතැයි බලධාරින් සැකපළ කරයි.