ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව නිවේදනයක්

ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව නිවේදනයක්

March 16, 2025   05:04 pm

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය වලට අදාළව ඉදිරි පැය කිහිපය දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින්  සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.