අග්‍රාමාත්‍යවරිය සහ ITC විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

අග්‍රාමාත්‍යවරිය සහ ITC විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

March 15, 2025   12:53 pm

ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පැමෙලා රෝස්මේරි මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබේ.

මෙරට ඩිජිටල් පරිවර්තනය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සහ කාන්තා සවිබල ගැන්වීම ඇතුළු ප්‍රධාන ආර්ථික ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක නිරත වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් පුළුල් ආර්ථිකයට ඒකාබද්ධ කිරීම, ආර්ථිකයට තරුණ ප්‍රජාවගේ සහ කාන්තාවගේ වැඩි සහභාගීත්වයක් ඇති කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අයෝජනයන් ක්‍රියාත්මක කිරීමට හිතකාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය විසින් ජාත්‍යන්තර වෙ‍ළෙඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පැමෙලා රෝස්මේරි මහත්මිය වෙත පෙන්වා දී ඇත්තේ සංචාරක, අපනයන, බලශක්ති තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපන වැනි ප්‍රධාන අංශ හඳුනා ගනිමින් ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය කැප වී සිටින බවය.