නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලිපැනීමක්
March 15, 2025 11:53 am
නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී මහනුවර සිට බදුල්ල දක්වා භාන්ඩ ප්රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
අද (15) පෙරවරුවේ 10 .30 පමණ මෙම පීලි පැනීම සිදුව ඇත.
එබැවින් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බධා එල්ල වී ඇති අතර එය පිලිසකට කිරීමට පැය එකහාමාරක් පමණ ගත විය හැකි බව සඳහන් වේ.