ගුවන් යානයක් තුළ සේවිකාවන්ට ලිංගික හිරිහැර කළ මගියාට ඇප
March 12, 2025 05:18 pm
ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.
සැකකරු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නියම කෙරුණි.
ස්විට්සර්ලන්තයේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය හිමි යාපනය ප්‍රදේශයේ පදිංචි කන්දයියා තුරේසිංහම් නමැත්තකු එසේ අප මත මුදාහැරුණි.
අදාළ ගුවන්යානය අද අලුයම 12.45ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී බීමත්ව සිටි සැකකාර පුද්ගලයා එම ගුවන් යානයේ සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර සෙසු මඟීන්ට හිරිහැරයක් වන ආකාරයට හැසිරී තිබෙන බවට කරුණු අනාවරණයවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ සැකකාර පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත් වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වී ඇත.