මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී දුම්රිය ප්‍රමාදයක්

March 11, 2025   08:32 am

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇත.

ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසුකරන සියලු දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකිය.