සයුරෙන් එතෙර
චීන නෞකා ගැන ඔස්ට්‍රේලියාව විමසිල්ලෙන්
March 8, 2025 09:04 am
ඔස්ට්‍රේලියානු නාවික හමුදාව සිය මුහුදු සීමාව ආසන්නයේ මෑතක සිට යාත්‍රා කරන චීන නෞකා කිහිපයක් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නෞකා තුනක් සහ නිරීක්ෂණ ගුවන් යානා ඒ සඳහා යොදවා ඇති බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"අපි එහි චලනයන් නිරීක්ෂණය කරමින් සිටිමු, ඔවුන් ඔස්ට්‍රේලියාව අවට සිටින තාක් අපි ඔවුන් සමඟ දිගටම රැඳී සිටිමු" යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාව පවසා තිබේ.