සයුරෙන් එතෙර
චීනය ගැන අප්‍රිකානු රටවල් කනස්සල්ලෙන්
March 7, 2025 02:11 pm
අප්‍රිකානු රටවල චීන සමාගම් සිදුකරන නීතිවිරෝධී කැණීම් කටයුතු එම රටවල සමාජ ආර්ථික ගැටළු නිර්මාණය කර ඇතැයි එම රටවල ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වෙන්නේ එම රටවල කොටස ද චීනය විසින් කොල්ලකන බවටය.
එම කැණීම් වෙනුවට අප්‍රිකානු රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට චීනය පොරොන්දු වී තිබේ.
නීතිවිරෝධී පතල් කැණීම්, රන් කැබලි සන්තකයේ තබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චීන ජාතිකයින් තිදෙනෙකු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මෙම වසර මුලදී අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය වසරේ එරටේදී නීතිවිරෝධී රන් ආකරයක් පවත්වාගෙන ගිය චීන ජාතිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොංගෝව තුළ නීතිවිරෝධී පතල් 450 කට වැඩි ප්‍රමාණයක් චීන ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන බවද අනාවරණ වී තිබේ.
නයිජීරියාව ද චීන සමාගම්වලට පතල් කැනීම් සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තු අවලංගු කර ඇති බව පැවසෙයි.