නවසීලන්තය අවසන් සටනට
March 5, 2025 10:23 pm
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 50කින් පරාජය කර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.
දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙය පාකිස්තානයේ ලාහෝර්හිදී අද (5) රාත්‍රියේ අවසන් විය.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 362ක් රැස්කළේය.
එහිදී රචින් රවින්ද්‍රා (108) හා කේන් විලියම්සන් (102) ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි නිගිඩි (3/72) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 312ක්
පමණි.
මෙහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ගොඩනැගූ ඩේවිඩ් මිලර් පන්දු 67කින් නොදැවී ලකුණු 100ක් රැස්කළේය.
වසර 8කට (2017 පසු) පසුව පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගයක් සඳහා නවසීලන්තය සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයයි.
ඔවුන් පළමුවරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ 2009 වසරේදීය.
එවර ඔවුන් ඉන්දියාව පරාජය කර ශූරතාව දිනාගැනීමට සමත් විය.
මෙහි ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.
ඒ අනුව ඉන්දියාව හා නවසීලන්තය අතර අවසන් මහා තරගය එළැඹෙන ඉරිදා (9) ඩුබායිහිදී පැවැත්වේ.