ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ
March 5, 2025 04:19 pm
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව, කෝංගස්හන්දිය ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුල්කළ ත්‍රීරෝද රථයක්, දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
ත්‍රීරෝද රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුල්කරනවාත් සමග එය ක්‍රියාවිරහිතවී ඇත.
මරදානේ සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී මෙම අනතුරව සිදුව තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථය මීටර් 30ක් පමණ දුරක් ඇදී ගොස් ඇත.
කෙසේ නමුත් අනතුර සිදුවීම පෙර රියදුරු එකවරම ත්‍රිරෝද රථයෙන් ඉවතට පැන දිවි ගලවාගෙන තිබේ.
රියදුරු අන්තර්ජාලය ඔස්සේ කුලී ගමන්සේවා සපයන ආයතනයකට සම්බන්ධ කළුතර නෑඹඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ය.
මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව ඇති අතර, දුම්රියේ ඉදිරිපස කොටසටද සුළු හානියක් සිදුව ඇත.
අනතුර සිදු වූ මෙම ස්ථානයේ කිසිදු විදුලි සංඥා පද්ධතියක් හෝ දුම්රිය ගේට්ටුවක් නොමැති බව වාර්තාවන අතර, ඒ හේතුවෙන් මෙම හරස් මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ලෙස අනාරක්ෂිතව පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.
අනතුර සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.