ස්මාර්ට් ෆෝන් තොගයක් රේගු භාරයට
March 4, 2025 02:32 pm
රුපියල් කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් නවීනතම ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ "හරිත මාවත" ඔස්සේ මෙම නීතිවිරෝධී ජංගම දුරකථන රැගෙනවිත් ඇත.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ සැකකරුගේ ගමන්මලු 3ක සඟවා තිබූ තිබී විවිධ මාදිළිවලට අයත් මිල අධික ඡංගම දුරකථන 111ක් සොයාගෙන තිබුණි.