මාර්තු ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

මාර්තු ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

March 3, 2025   04:20 pm

2025 මාර්තු මාසයේ පළමු ගනුදෙනු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ අද (03) දිනයේ දී මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.96කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකට ඒකක 16,167.30 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 4,827.21 ක් ලෙසත් සටහන් විය.

අද දින රු. බිලියන 1.52 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇත.