ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

March 3, 2025   09:26 am

බද්දේගම පොලිස් වසමේ ඇත්කඳුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 27 වන දා තියුණු ආයුධයකින් පහර දී මෙම අපරාධය සිදුකර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකු  ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල හා ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.