නිවසක් තුළ කාන්තාවක් පිළිස්සී මරුට
March 2, 2025 01:35 pm
කොස්වත්ත පොලිස් වසමේ මැ/කොමුල්ල ප්‍රදේශයේදී නිවසක් ගිනි ගෙන කාන්තාවක් පිළිස්සී මිය ගොස් තිබේ.
ඊයේ (01) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය තම මිනිබිරිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී මිනිබිරිය උපකාරක පන්තියකට සහභාගි වීමට නිවසින් බැහැරව ගොස් සිට ඇත.
මියගිය තැනැත්තිය කලක සිට රෝගාතුරව එක්තැන් වී සිටි තැනැත්තියක වන අතර නිවසේ දල්වා තිබූ කුප්පි ලාම්පුවක් පෙරළී ගොස් නිවසට ගිනි ඇවිළී මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.