බොලිවියාවේ බස් රථ අනතුරකින් 37ක් මරුට
සයුරෙන් එතෙර

බොලිවියාවේ බස් රථ අනතුරකින් 37ක් මරුට

March 2, 2025   10:51 am

බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින්  37 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැත.

මූලික විමර්ශන අනුව සැක කෙරෙන්නේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවය.

අනතුරට ලක්වූ එක් බසයක ගමන් කරමින් සිට ඇත්තේ එරට සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළිය වෙත ගමන් කරමින් සිටි පිරිසක් බව වාර්තා වෙයි.

කෙසේ වුවද අනතුරින් මියගිය හෝ තුවාල ලැබූ පිරිසගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් අනාවරණ කර නොමැත.

බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි මාරාන්තික රිය අනතුරු වාර්තා වෙයි.

ඉන් බහුතරයක් වාර්තා වන්නේ පොටොසි කලාපයෙනි.

පොටොසි කලාපය කඳුකර කලාපයක් වීම සහ මාර්ග නඩත්තු කිරීම් නිසියාකාරව සිදු නොකිරීම ඊට හේතු ලෙස සඳහන්ය.