හොරණ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

හොරණ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

March 1, 2025   04:52 pm

හොරණ පොලිස් වසමේ හොරණ රජමහා විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන රයිගම්පුර නවම් මහ පෙරහර අද (01) රාත්‍රි 7.00ට වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාල සීමාව තුළ රත්නපුර පානදුර A-08 මාර්ගයේ විද්‍යාරත්න හන්දිය සිට පොලීසියට හැරෙන හන්දිය දක්වා මාර්ග කොටසේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය නිවේදනය කර තිබේ.

එමෙන්ම හොරණ අඟුරුවාතොට මාර්ගයේ බෝගහ අසල සිට වතුරමල හන්දිය දක්වා මාර්ග කොටසද, හොරණ මොරගහහේන මාර්ගයේ විද්‍යාරත්න හන්දිය සිට අරමනාගොල්ල කාර්මික ජනපදය දක්වා මාර්ග කොටසද රථවාහන ගමනාගමනය සීමා කරන බව එහි සඳහන් වේ.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මේ හේතුවෙන් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

රථවාහන ගමනාගමනය සීමා කිරීමක් හොරණ පොලිස් වසම by poornima on Scribd