අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා - මන්ත්‍රී සරත් කුමාර

අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා - මන්ත්‍රී සරත් කුමාර

February 25, 2025   11:58 am

රජය විසින් ගෙන එන ලද අයවැයේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය හා විදේශීය ණය මුදල්වලින් සපුරා ගැනීමට බළාපොරොත්තු වන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සරත් කුමාර මහතා පවසයි.

අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට විශ්වාස කළ හැකි අයවැයක් මෙවර රජය විසින් ඉදිරිපත් කළ බවය.

"2025 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990ක්. බදු ආදායම් හැටියට රුපියල් 4,590ක්, බදු නොවන ආදායම් හැටියට රුපියල් බිලියන 370ක්, ප්‍රදානයන් හැටියට රුපියල් බිලියන 30ක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 8,835ක්. ඉතිරිය අපි පියවගන්න බලාපොරොත්තු වෙනවා දේශීය හා විදේශීය ණය මුදල්වලින් ඒ නිසා මේ අයවැය හිඟය පියවන එක එහෙමත් නැත්නම් මේ අයවැය කළමණාකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විපක්ෂයේ ඉන්න කවුරුත් කළබල වෙන්න ඕනේ නෑ"