ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට

ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට

February 23, 2025   07:13 pm

2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි' ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. 

වෙරිටේ රිසර්ච් විසින් අද (23) එම තොරතුරු ඇතුලත් නිවේදනය ඉදිරිපත් කර ඇත.

2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බව සඳහන් වේ.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයවී තිබේ.

කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු ය.

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. 

තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.