සංශෝධිත පනත් කෙටුම්පත් දෙකක් ගැසට් කරයි

සංශෝධිත පනත් කෙටුම්පත් දෙකක් ගැසට් කරයි

February 23, 2025   05:52 pm

සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් මෙලෙස ගැසට් කර තිබේ.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංශෝධිත පනතේ විධිවිධාන අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක විය යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

අදාළ ගැසට් පත්‍ර පහතින්,

 

569-2025_E by poornima on Scribd

560-2025_E by poornima on Scribd