ඊශ්‍රායල සහ පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කෙරේ
February 22, 2025 10:01 pm
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව අද දිනයේ තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි
ඒ අනුව හමාස් සංවිධානය විසින් ඔවුන් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු නිදහස් කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 602 දෙනෙකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් 06 දෙනාගේ තොරතුරු හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
එම 6 දෙනා අතර මීට වසර 10කට පමණ පෙර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ද වන බවද විදෙස් වාර්තා සදහන් කළේය.
ජනවාරි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ අවසන් සිරකරු හුවමාරුව අද මෙලෙස සිදුකළ බවද එම මාධ්‍ය වාර්තාවල සදහන් වේ.