කැළෑබද ප්‍රදේශයක තනිවී සිටි කුඩා දරුවෙකු සොයාගනී
February 22, 2025 02:49 pm
හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැළෑබඳ ප්‍රදේශයක සිටියදී පිරිමි දරුවෙකු සොයාගෙන තිබේ.
ඊයේ (21) රාත්‍රී 10:30ට පමණ වෙරළට ආසන්න කැළෑබද ප්‍රදේශයක සිටියදී වයස අවුරුදු 12ක් පමණ වන මෙම දරුවාව බූන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පසුව වනජීවී නිලධාරීන් විසින් මෙම දරුවාව හම්බන්තොට පොලීසියට භාරදී තිබේ.
අනතුරුව දරුවාව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි.
මෙම දරුවා පිළිබඳව නිසියාකාර තොරතුරක් වනජීවී නිලධාරීන්ට සහ පොලීසියට ලැබී නොමැති අතර වනය තුළට පැමිණියේ කෙසේද යන්න ද අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය මගින් සිදු කරයි.
දරුවාගෙන් විමසීමේදී බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි බව සඳහන් කර ඇත.
වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ බෙලිඅත්ත ප්‍රදේශයේ සිට මෙම වනෝද්‍යානයට කිලෝමීටර් 70වකට වැඩි දුරක් ඇති බවය.