මධුසමය ගත කිරීමට ආ රුසියන් ජාතිකයා දියේ ගිලි මරුට
February 22, 2025 02:39 pm
හික්කඩුව ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෑතකදි විවාහ දිවියට පත්ව සිය මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි 38 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.
ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු බවද පැවසෙයි.
මියගිය පුද්ගලයා දිය නාමින් සිටියදි දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදී ජීවිත ආරක්ෂකයින් එහුව බේරා ගැනීමට උත්සාහ දරා ඇති නමුත් එය ව්‍යර්ථව ගොස් තිබේ.
පසුව අදාළ පිරිස මුහුදු පත්ල පිරිකමින් සිටියදී ගල්පරයක සිරව සිටියදී බේරාගෙන ගොඩබිමට රැගෙන ඇති නමුත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මියගිය රැසියන් ජාතිකයාගේ සිරුර ඊයේ රාත්‍රියේම බලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දින බලපිටිය මූලික රෝහලේදී පැවත්වීමට නියමිතය.