කැලණිවැලි මාර්ගයේ අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනය නොවේ

කැලණිවැලි මාර්ගයේ අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනය නොවේ

February 22, 2025   08:18 am

කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව පහත සඳහන් දුම්රිය ධාවනය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව - අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව - පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව - අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල - කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක - කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

කෙසේවෙතත් රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කෙරෙන බවද සඳහන්ය.