නීති විරෝධී ධීවර කටයුතු කළ 17ක් නාවික හමුදා භාරයට
February 21, 2025 12:22 pm
නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ පෙබරවාරී 13 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් මෙම ධීවරයින් පිරිස සිය භාරයට ගත් බවය.
මෙම පිරිස අවුරුදු 18ත් 58ත් අතර වයසේ පසුවන මුලතිව්, පුත්තලම, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපුර් සහ මුල්ලියාන් යන ප්රදේශයන් හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවද නාවික හමුදාව පවසයි.
ඒ සමගින් ධීවර යාත්රා 12ක්, යතුරු පැදියක්, නීති විරෝධී ධීවර දැල් 156ක් මුහුදු කූඩැල්ලන් 184 සහ හක්බෙල්ලන් 22ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් මුලතිව් සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය, මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කර තිබේ.