OnmaxDT ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට
February 21, 2025 07:24 am
OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
ඒ අනුව සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇත.
නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබේ.
OnmaxDT තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය තුළින් සැකකරු රුපියල් කෝටි 7ක මුදලක් උපයාගෙන ඇති බවත් ඉන් රුපියල් කෝටි 2ක මුදලක් රැගෙන ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.