පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

February 20, 2025   09:41 pm

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි.

ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය විසින් ඒ බව සඳහන් කරයි.