පාතාලය සහමුලින්ම අවසන් කිරීමට ජනපති සැරසෙයි
February 20, 2025 06:06 pm
ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවයි.
මේ අතර මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වා ඇත.
හෙතෙම පෙන්වා දී ඇත්තේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කර ඇති බවයි.
ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බව හෙතෙම පවසා තිබේ.
අද රැස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය,
MCC Defence - Sinhala (1) by poornima on Scribd