චමරි WPL තරගාවලියෙන් ඉවතට

චමරි WPL තරගාවලියෙන් ඉවතට

February 19, 2025   09:04 am

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතය.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ එක්වීමටය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 4 වැනිදා පැවැත්වීමට  නියමිතය.

ඊට පෙර පෙබරවාරි 27 වැනිදා සහ 28 යන දෙදින තුළදී ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් වෙනුවෙන් එක්වේ.

ඒ අනුව මේවනවිට කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ අවසන් අදියරට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට නියමිතය.

චමරි නියෝජනය කරන්නේ අප් වොරියර්ස් කණ්ඩායමයි.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යන අතර පෙබරවාරි 27 සහ 28 පුහුණු තරග දෙකකට එක්වනු ඇති.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරග දෙක මාර්තු 7 සහ 9 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 14,16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වේ.