ඇල්ල කන්දේ ගින්න කදුවැටිය පුරා පැතිර යාමේ අවදානමක්

ඇල්ල කන්දේ ගින්න කදුවැටිය පුරා පැතිර යාමේ අවදානමක්

February 13, 2025   10:58 pm

ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද ( Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න මේ වනවිට ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් ඇතිව තිබේ.

මේ වනවිට ගින්න නිවාදැමීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හා යුද හමුදා නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

සුළං තත්ත්වය සහ අධික බෑවුම හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී ඇත.

කෙසේ වුවත් වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිම වනසංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගිනි පටි කපා තිබේ.

ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට ද මේ වනවිට කටයුතු යොදා ඇත.