හෙටත් විදුලිය විසන්ධි කරයි ද ?
February 13, 2025 09:06 pm
හෙට (14) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේද ? නැද්ද ? යන තීරණය නොරොච්චෝලේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්ර තුනම අක්රිය වුණි.
එහි ප්රතිඵලයක් ලෙස විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත නොහැකි වීම නිසා ඉකුත් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.
නමුත් නවම් පොහොය යෙදී තිබුණු ඊයේ (12) දිනයේ පැවති අඩු විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකිවීම මත විදුලි කප්පාදුවක් සිදු නොකෙරුණි.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය අද පෙරවරුවේ නිවේදනය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදත් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවය.
මේ අතර පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයෙන් අක්රීය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර 3 කඩිනමින් යථා තත්ත්වයට පත්කර එය ජාතික පද්ධතියට එක්කිරීම සඳහා විදුලි ඉංජිනේරුවන් සහ කාර්යමණ්ඩලය යුහුසුළුව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.