මුරණ්ඩු පූසෙක් කළ හදියක්
සයුරෙන් එතෙර

මුරණ්ඩු පූසෙක් කළ හදියක්

February 13, 2025   01:13 pm

රෝමයේ සිට ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතව තිබූ රයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බළලෙකු සොයා ගැනීමත් සමඟ එම ගුවන් ගමන දින දෙකකට කල් තැබීමට සිදු වූ පුවත්ක විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර බළලෙකුගේ කෑ ගසන ශබ්දයක් ඇසීමත් සමඟ සිදුකළ සොදිසි කිරීමකදී නිසැකවම බළලෙකු ගුවන් යානයේ සැඟව සිටින බව අනාවරණය වී ඇත.

ඒ අනුව, නඩත්තු සේවකයින් බළලා සිටින ස්ථානය සේවීමට කටයුතු කර තිබේ.

එහිදී බළලා ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපාංග සවිකර තිබෙන මැදිරියේ සැඟව සිටින බව සොයාගෙන ඇති නමුත් ඌ අල්ලා ගැනීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම නැවත නැවත් බළලා උපාංග ඇතුලට රිංගා ගොස් සැඟව සිටීමට උත්සහ කිරීමත් සමඟ නිලධාරීන්ට ඇතැම් කොටස් ගලවා ඉවත් කිරීමට සිදුව ඇත.

අවසානයේ බළලාම ඌ සිට තැනින් ඉවතටවිත් ගුවන් යානයේ ප්‍රධාන දොරටුවෙන්ම පැමිණ මගීන් බැස යන පඩිපෙලින්ම බැසගොස් ඇති බව වාර්තා වේ.

අවසානයේ ගුවන් යානයේ ඇතැම් කොටස් ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක හේතූන් මත ගුවන් ගමන දින දෙකකට අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් වේ.

බළලා සිටින බව නොදැන ගුවන් යානය ගමන් කළා නම් ගුවන් සමාගමට ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

 

🐱A cat boarded a plane and grounded flights for two days.

A Ryanair Boeing 737 was preparing to take off from Rome to Germany when the crew heard meowing just before passengers were about to board. When they tried to catch it, it escaped into the electronics compartment and hid… pic.twitter.com/F7yrGgpXdx

— Uncensored News (@uncensorednews9) February 11, 2025