අර්ච්චුනා පිඟානකින් පහරදුන් පුද්ගලයාට සැත්කමක්

අර්ච්චුනා පිඟානකින් පහරදුන් පුද්ගලයාට සැත්කමක්

February 12, 2025   12:12 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙම බහින්බස් වීම සිදුව තිබුණි.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇති බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය. 

පහරදීම සිදුවීමට පෙර එම ස්ථානයේ වූ බහින්බස් වීමට අදාළ වීඩියෝවක් අර්ච්චුනා රාමනාදන් මහතා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ මෙලෙස පළ කර තිබුණි.