වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්

වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්

February 11, 2025   11:57 am

වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වූ බව පොලීසිය පවසයි.

අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසුවේ මෙම වැඩි තැබීමේ සිදුවීම්වලින් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකර ඇති බවය.

ඉතුරු සිදුවීම් 06 යම් යම් සිදුවීම් මත පුද්ගලිකව ඇති වූ ආරවුල් මත සිදුවූවක් බවද ඔහු පැවසීය.

අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ටී 56 ගිනිඅවි 03ක්, පිස්තෝල ගිනිඅවි 05ක්ද, පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම මෙම ඝාතන සඳහා යොදාගත් යතුරුපැදි 04ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.