කොටහේනේ වෙඩිතැබීමක්
February 10, 2025 08:06 pm
කොටහේන, බෙනඩික්ට් මාවතේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (10) රාත්‍රී 7.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමනේ පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙම වෙඩිතැබීම සඳහා T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීම සිදුකළ කණ්ඩායම සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.