අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

February 10, 2025   06:28 pm

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම හමුව සිදු වූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව එම හමුවේදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳවද කරුණු සාකච්ඡා මෙහිදී කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.