'මෙක්සිකානු' බොක්ක 'අමෙරිකානු' බොක්ක වෙයි
සයුරෙන් එතෙර

'මෙක්සිකානු' බොක්ක 'අමෙරිකානු' බොක්ක වෙයි

February 10, 2025   02:43 pm

අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

එමෙන්ම විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය "Gulf of America" ලෙසද නම් කර ඇත.

ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තැබුවේ, ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් පැවතිය දී ඒ තුළ සිටය.