හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

February 10, 2025   11:49 am

නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

මෙම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මලි මහත්මිය වරෙන්තුවක් නිකුත් කළාය.

පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.