නැවතත් ප්රදේශ කිහිපයකට විදුලිය ඇනහිටියි
February 9, 2025 08:42 pm
ප්රදේශ කිහිපයක නැවතත් විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටීමක් මෙයට හේතු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම ප්රදේශවලට සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා තාප විදුලිය ජනනය කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.