අංගොඩ හංදියේ ගින්නක්

අංගොඩ හංදියේ ගින්නක්

February 9, 2025   05:09 pm

අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට අවට වෙළෙඳසැල් දෙකක් කරා පැතිර ගොස් තිබේ.

ගිනිනිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් යෙදුවත් වේගයෙන් පැතිරුණු ගින්න පාලනය කරගැනීමට ඔවුන්ට හැකි වී නොමැත.

මේ වනවිට කෝට්ටේ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි.

ගින්නෙන් නිවසක් සහ වෙළෙඳසැලක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇත.