පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
February 8, 2025 06:45 pm
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් පහරදී තිබේ.
අද (08) උදෑසන මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම එරාවුර් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මොහොමඩ් සාලි නලීම් මහතාය.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
මන්ත්‍රීවරය පවසා සිටියේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආධාරකරුවෙකු විසින් ඔහුට පහරදුන් බවය.
අද උදෑසන 6:00ට පමණ මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී අදාළ පුද්ගලයා විසින් පහර දී තිබුණි.
දේශපාලන ගැටලු හේතුවෙන්, මෙම පහරදී සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතා පැවසීය.