මවට සහ දියණියට තියුණු ආයුධ ප්‍රහාරයක්

මවට සහ දියණියට තියුණු ආයුධ ප්‍රහාරයක්

February 8, 2025   09:02 am

පුත්තලම, හස්ථිපුර ප්‍රදේශයේදී පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (7) දවහල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනාම පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බිරිඳ මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 50ක් වූ කල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.