වරුණ ජයසුන්දරගෙන් STF ගැලවෙයි -  පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්

වරුණ ජයසුන්දරගෙන් STF ගැලවෙයි - පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්

February 8, 2025   07:34 am

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහතින් දැක්වෙයි.