වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි
February 6, 2025 11:57 am
වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්රදේශවල තොග ගබඩා විවෘත කරන බවය.
වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඊයේ(05) රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කටත් මිලදී ගන්නා බව ප්රකාශ කළේය.