වසර 9කට වනඅලි මරණ 3,477ක් - මිනිස් ජීවිතත් 1,190ක් අහිමි වෙලා
February 6, 2025 10:15 am
පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, 2015 - 2019 කාලය තුළ දී වනඅලි 1,466ක් මියගොස් ඇති අතර, 2020- 2024 කාලය තුළ වනඅලි 2,011ක් මියගොස් ඇති බවය.
මේ අතර, වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළ දී මිනිස් ජීවිත 1,190ක් අහිමිව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ 2015 - 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 - 2024 යන කාලයේ දී ජීවිත 734ක් ලෙසය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අලි - මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට යම්කිසි කාලයක් ගතවෙන බවත්, වනජීවි දෙපාර්තමේන්තුව මේ තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවත්ය.
වනඅලි මෙන්ම මිනිසුන් මුහුණපා ඇති මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ඉදිරි අයවැයේ දී ඊට විසඳුම් සෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම නව පර්යේෂණ තුළින් සහ මේ සඳහා එක් කරගත යුතු සියලු ආයතන එකතු කරගනිමින් විසඳුම් සෙවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.