මනුෂ්‍ය ඝාතන 4කට සම්බන්ධ පැදිකරු කොටුවෙයි
February 5, 2025 08:58 pm
දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්‍ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්‍රියාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් ඝාතනයක් සඳහා සැකකරුට රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව පොලීසිය පැවසුවේය.
ඔහු "කොස් මල්ලිගේ" නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් වේ.